ලග්න පලාපල





ලග්නය යනු කුමක්ද ?

ලග්නය යනු ලැගුම් ගැනීමයි. ලැගුම් ගන්නේ පෙර භවයන් හි කරන ලද කුසල් අකුසල් බලය අනුව කර්මානුරූපව තමන්ට හිමි යොනියකය. මෙය මනුෂ්‍ය, දිව්‍ය, පේ‍්‍රත, තිරිසන් යෝනියක් විය හැකිය. මෙම ලැගුම් ගැනීමේ බලය ලග්නය යනුවෙන් හැඳින්වේ. එතුලින් කෙනෙකුගේ අතීත, වර්තමාන, අනාගත භවයන් විකාශනය වී ඇති ආකාරය ජ්‍යොතිෂ විද්‍යාව නිවැරදිව ප‍්‍රගුනකළ අයෙකුට තේරුම් ගත හැකිය


ලග්නයක් හිමිවන්නේ ඇයි ?

ලග්නයක් හිමිවන්නේ නොදැනීම හෙතුවෙනි. එසේත් නැතිනම් අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව හෙවත් නොදැනීම නම් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය නොමැතිවීමයි. මෙය නිවැරදිව තේරුම්ගත් සත්වයෙකු නැවත උපදින්නේ නැත. එවිට ලග්නය තුලින් ප‍්‍රකාශවන අවිද්‍යාව හටගන්නේද නැත. මෙය බුදු දහමේ සඳහන් වන්නේ ''නිර්වාණය'' ලෙසයි..


පටිච්ච සමුප්පද විවරණයට අනුව ලග්නය ''අවිද්‍යාව'' ලෙස සඳහන් කළ හැකි සේම කර්ම විග‍්‍රහයට අනුව '' ජනක කර්මය'' යනුවෙන්ද විග‍්‍රහකළ හැකිය. ජනක යන්නෙහි අර්ථය යම් දෙයක ඉපැදීමයි. පෙර භවයන්හිදී ජන්මියා විසින් කරන ලද කුසල් අකුසල් නැවත පලදීමට අවස්ථාව උපතත් සමග නැවත ඇතිවී තිබෙන බව මෙයි අදහස් වේ.


උපත ලද මොහොතේ අදාප ස්ථානයට ග‍්‍රහ තාරකාවන්ගෙන් එල්ලවන්නා වූ බලපෑම් පරීක්‍ෂාකිරීමෙන්, එම මොහොතේ උපත ලද ජන්මියාගේ අතීත, වර්තමාන, අනාගත භාවයක් ගෙවී ගිය හා ගෙවී යන ආකාරය නිවැරදිව තේරුම් ගත හැකිය.



සුවිශේෂී ග‍්‍රහමාරු 3 යි, ග‍්‍රහ යුද්ධ 12 යි. සූර්ය ග‍්‍රහණ 2 යි, චන්‍ද්‍ර ග‍්‍රහණ 2 යි.


ආන්දෝලනාත්මක 2012 වසර ඔබට කොහොමද?


2012 වසර තුල මොනවා වෙයිද ? ලෝකය විනාශ වෙයිද ? තියෙන ප‍්‍රශ්න නිරාකරණය වෙයිද? මේ ආදී වශයෙන් අනේකවිධ වූ ප‍්‍රශ්න සිත් තුල තබාගෙන 2012 වසර පිළිගන්න ජනතාව බලාගෙන ඉන්නවා. තමන්ගේ ලග්නයට අනුව නව වසර සුබදායක වෙයිද? අසුබදායක වෙයිද? කියලා දැනගන්නත් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා.
මෙවර නව වසර පිළිබඳව වෙනත් කවර දාකටත් වඩා වැඩි උනන්දුවක් අවදානයක් ජනතාව තුල තිබෙනවා. 2012 වසර තුල ලෝක විනාශය සිදුවන බවට අනාවැකි පලවී තිබීම ඊට ප‍්‍රධාන හේතුවයි.
නව වසර තුල සිදුවීමට නියමිත ග‍්‍රහමාරු, ග‍්‍රහයින්ගේ වක‍්‍රවීම්, නිවෘත වීම්, සූර්ය ග‍්‍රහණ, චන්ද්‍ර ග‍්‍රහණ, ග‍්‍රහ යුද්ධ ආදී සියළු ජ්‍යොතිෂමය සිදුවීම් සියුම්ව පරීක්‍ෂාකර බලන විට ලෝක විනාශයක් සිදුනොවන බව පැහැදිලිව පෙනී යනවා. ලොව නොයෙක් රටවල් තුල සිදුවන ස්වභාවික විපත්, කැරළි කෝලාහල, යුධ ගැටුම් හැරුණු විට ලෝකය විනාශ වී යාමක් සිදුවන්නේ නෑ.

කෙසේ වෙතත් රුධිරයට හා ප‍්‍රචණ්ඩත්වයට අධිපති කුජ ග‍්‍රහයා සිංහ රාශියේ වක‍්‍රව ගමන් කිරීමත් සෙනසුරු ග‍්‍රහය වක‍්‍රවීමත් හේතුවෙන් 2012 ජනවාරි 24 දින පටත් ජූනි 25 තෙක් කාලය තුල ලොවට අසුබ බලපෑම් එල්ලවෙනවා. එමෙන්ම අගෝස්තු 15 දින පටන් වසර නිමවන තෙක් නැවත අසුබ බලපෑම් එල්ලවෙනවා. මෙම කාලවකවානු තුල දරුණු ස්වභාවික විපත් සිදුවෙනවා. රට රටවල් අතර මත ගැටුම් ඇතිවෙනවා.

නව වසර තුල අධ්‍යාත්මික කටයුතු කෙරෙහි යොමුවන පිරිස් වැඩිවෙනවා. ආගම්, දර්ශණ, අනාගතය දැන ගතහැකි ශාස්ත‍්‍ර, ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රම, සිත දියුණුකරගැනීමේ ක‍්‍රම පිළිබඳව ලොව තරුණ පිරිස් තුල දැඩි උනන්දුවක් ඇතිවෙනවා.

සෙනසුරු ග‍්‍රහයාගේ සුවිශේෂ බලපෑම් වසර පුරාම එල්ලවන බැවින් ධාර්මික, යුක්තිගරුක පුද්ගලයින්ට නිසි ආරක්‍ෂව සැලසෙනවා.


අපගේ සේවාවන්

  • ► ඕනෑම රටක උපන් අයෙකුගේ ජන්ම පත‍්‍රය සෑදීම
  • ► ජන්ම පත‍්‍රය පරීක්‍ෂාකර පලාපල ලබාදීම
  • ► සියළු ආකාරයේ නැකත් සෑදීම
  • ► මල්වර නැකත් සෑදීම හා මල්වර පලාපල කථනය
  • ► අළුත උපන් දරුවන් සඳහා නාමාක්‍ෂර ලබාදීම
  • ► විවාහය සඳහා කේන්දර පරීක්‍ෂා කිරීම

Read More ►►