වෘශ්චික ලග්නය - මිශ‍්‍ර පල දායක වසරක්

ධනය :-

වසරේ පළමු කොටස ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නැහැ. වියදම් බහුල වෙනවා. ලැබෙන දේ නිරායාසයෙන් වියදම් වෙලා යන්න පුළුවන්. ජූනි මාසයේ පටන් වසර අවසානය තෙක් කාලය තුළ ආර්ථිකය යහපත් තත්වයකට පත් වෙනවා.

රැකීරක්‍ෂා :-

රැකියා කටයුතු සම්බන්ධයෙන් මිශ‍්‍ර පල උදාවෙන වසරක්. පදිංචි ප‍්‍රදේශයෙන්, උපන් ප‍්‍රදේශයෙන් පිටවී රැකියා කටයුතු වල නියැලෙන අයට නව වසර සුබදායකයි. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු ඉටු වෙනවා. විදේශ රැකියා වල නියැලෙන වෘශ්චික ලග්න හිමියන්ට වාසි සැලසෙනවා. මාර්තු, මැයි, ජූනි, මාස නව ව්‍යාපාර ඇරඹීමට සුබයි.

ගෘහ ජීවිතය :-

ජූනි මාසය තෙක් කාලය තුල බාධක අවහිර එල්ල වෙනවා. මානසික සහනය වරින් වර බි`ද වැටෙනවා. අවේගශීලි ගති ලක්‍ෂණ ඇති වෙනවා. විවාහක වෘශ්චික ලග්න හිමියන් මෙම කාලය තුල ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. අසමගිකම් ඇති වීමට මෙන්ම අනියම් සම්බන්ධතා ඇති වීමටත් ඉඩ තියනවා. විවාහ කටයුතු ස`දහා වසරේ දෙවැනි කොටස වඩාත් සුබදායකයි. ගෙවල් හදන්න, දේපළ මිලදී ගන්න, උරුම හිමිකම් නිරවුල් කරගන්න ජූනි මාසයේ පටන් වසර අවසානය තෙක් කාලය සුබදායකයි. වසරේ මුල් කොටස තුල හදිසි අනතුරු වලට ලක්වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලට වසර සුබදායකයි.

අය 14 වැය 02